යුගයෙන් යුගයට අමරණීය El Maestro

මෝටර් රථ ධාවන ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු නාමයන් බොහෝමයකි. නමුත්, ආරක්ෂිත හිස්වැසුම්, නවීන තාක්ෂණය හෝ ආරක්ෂිත වැටවල් නොතිබූ, මරණයත් ජීවිතයත් අතර තත්පරයක වෙනසක් පමණක් තිබූ යුගයක, ධාවන පථය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කළ එක් මිනිසෙක් විය.

Jun 24, 2026 07:00 am (1 months ago)

ඒ අන් කවරකුවත් නොව, ආර්ජන්ටිනාවෙන් බිහිවූ මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ අසමසම පුරෝගාමියා වන Juan Manuel Fangio ය. අදින් වසර 115කට පෙර අද වැනි දිනක මෙලොව එලිය දුටු Fangio, ක්‍රීඩා ලෝලීන් අතරෙහි El Maestro(ගුරුවරයා) යන නාමයෙන් ප්‍රචලිත විය.

F1 ඉතිහාසයේ ලෝක ශූරතා 7 බැගින් දිනා සිටින Lewis Hamilton, Michael Schumacher වැනි වත්මන් වීරයන් අපට හමුවුවද, Fangio තැබූ ඇතැම් වාර්තා තවත් චිරාත් කාලයක් නොබිඳී පවතිනු ඇත.

ඔහු තම ක්‍රීඩා ජීවිතය තුළ ලෝක ශූරතා 5ක් දිනාගන්නට සමත් විය. මෙහි ඇති විශේෂත්වය නම්, ඔහු මෙම ශූරතා පහ දිනාගත්තේ එකිනෙකට වෙනස් මෝටර් රථ නිෂ්පාදන සමාගම් හතරක් සමඟ වීමය.

නූතන යුගයේ කිසිදු රියදුරෙකුට එකිනෙකට වෙනස් කණ්ඩායම් හතරක් සමඟ මෙවැනි දස්කමක් දැක්වීමට තවමත් හැකි වී නැත. එමෙන්ම ඔහු සහභාගී වූ F1 තරඟ 52කින් 24ක්ම ජයග්‍රහණය කරමින් 46%ක අදහාගත නොහැකි ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවා තබාගෙන ඇත.

එවකට සිටි ප්‍රකට ක්‍රීඩා මාධ්‍යවේදීන් සහ සගයන් Fangioව දුටුවේ අසාමාන්‍ය නිශ්ශබ්දතාවයකින් සහ නොසැලෙන මනසකින් යුත් මිනිසෙකු ලෙසය. ඔහු අනෙක් රියදුරන් මෙන් කලබල වූයේ නැත.

"ඔබ සැමවිටම හොඳම කෙනා වීමට උත්සාහ කළ යුතුය, නමුත් ඔබ එසේ වී ඇතැයි කිසිවිටෙකත් විශ්වාස නොකළ යුතුය". මේ ඔහුගේ ජීවන දර්ශනයයි. ඔහු ධාවන පථයට පිවිසෙන්නේ ක්‍රෝධයකින් හෝ ආවේගයකින් නොවේ. ඔහු සතු වූයේ මෝටර් රථයේ සීමාවන් හඳුනාගැනීමේ සහජ බුද්ධියකි.

එවකට මෝටර් රථ ක්‍රීඩාව අතිශය භයානක විය. Seatbelts පවා නොතිබූ ඒ යුගයේ, සුළු අත්වැරදීමකින් ජීවිතය අහිමි විය හැකිව තිබුණි. එවැනි පරිසරයක වුවද Fangio පෙන්වූ සන්සුන්කම පිළිබඳව ඔහුගේ සමකාලීන රියදුරෙකු වූ Sir Stirling Moss වරක් මෙසේ පවසා තිබුණි.

"Fangio කියන්නේ අප කාටත් වඩා ඉහළින් ඉදපු කෙනෙක්. ඔහු පදවන රථය පිටුපසින් ගමන් කරද්දි මට දැනුණේ මම විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයෙලක් කියලයි. ඔහු සැබවින්ම 'El Maestro' ම තමයි"

මෝටර් රථ ධාවන ලෝකය තුළ අදටත් වඩාත්ම කතාබහට ලක්වන තරඟයක් වන්නේ 1957 ජර්මානු ග්‍රෝන් ප්‍රී තරඟයයි. එහිදී සිදුවූ වැරදීමක් නිසා Fangio ප්‍රතිවාදී රියදුරන්ට වඩා මිනිත්තුවකට ආසන්න කාලයක් පසුපසින් රැදෙන්නට විය. නමුත් ඔහු අධෛර්යමත් නොවන්නට විය.

ඔහු ධාවන පථයේ වාර්තා පිට වාර්තා තබමින්, Nürburgring හි භයානක වංගු මාරාන්තික වේගයකින් පසුකර යන්නට විය. අවසාන වටයේදී ඔහු ප්‍රථම ස්ථානය දිනාගත්තේ මුළු මහත් ක්‍රීඩා ලෝකයම මවිතයට පත් කරමිනි.

Fangioගේ ශ්‍රේෂ්ඨත්වය මැනීමට ඇති හොඳම සාධකය නම්, ඔහුගෙන් පසු පැමිණි ලොව බිහිවූ දරුණුතම සහ වේගවත්ම ධාවකයින් පවා ඔහු ඉදිරියේ හිස නැමීමයි. තෙවරක් ලෝක ශූරයෙකු වූ Ayrton Senna, Fangioව හැඳින්වූයේ තමන්ගේ එකම වීරයා ලෙසයි.

තම මව්බිමේදී ජයග්‍රහණය කළ 1993 බ්‍රසීල ග්‍රෝන් ප්‍රී තරඟයේදී, ජයග්‍රාහී වේදිකාව මත සිටි Senna, තමන්ට ත්‍යාගය පිරිනැමීමට පැමිණි මහලු Fangio දැක වහාම වේදිකාවෙන් පහළට බැස ඔහුට උපහාර දැක්වීය.

පසුව මාධ්‍ය අමතමින් Senna පැවසූ මෙම වදන් ෆැන්ජියෝගේ නාමය ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කිරීමට ප්‍රමාණවත්ය.

"මම හිතන්නේ ඔහු අපි කාටත් වඩා ගොඩක් ඉහලින් ඉන්නවා. ඔහු කළ දේ සහ ඔහු ජයග්‍රහණය කළ ආකාරය බලද්දි ඔහු තමයි විශිෂ්ඨතමයා."

1958 දී ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නා විට, ඔහු මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ පදනම දමා අවසන්ය. අද පවතින සුපිරි තාක්ෂණික F1 මෝටර් රථවලින් උපරිම වේගය ලබාගන්නා රියදුරන් දෙස බලන විට, මේ සියල්ලටම මඟ පෙන්වූ, කිසිදු තාක්ෂණයක් නොමැති යුගයක හුදෙක් මිනිස් ශක්තිය සහ මනස පමණක් පෙරටු කරගෙන ලෝකය දිනූ ඒ මහා ගුරුවරයා පිළිබදව අප කතා කළ යුතුමය.

සුබ උපන්දිනයක් වේවා, El Maestro!

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!

RELATED ARTICLES

Carlos Sainz's first laps of the Madrid | New Spanish GP track
F1 News
Carlos Sainz's first laps of the Madrid | New Spanish GP track
10 iconic races from Max Verstappen's 10 years at Red Bull
F1 News
10 iconic races from Max Verstappen's 10 years at Red Bull
GianPiero Lambiase & Max Verstappen’s most iconic radio moments
F1 News
GianPiero Lambiase & Max Verstappen’s most iconic radio moments
Ocon and Bearman react to iconic F1 moments and personal highlights
F1 News
Ocon and Bearman react to iconic F1 moments and personal highlights