Brembo සමග WorldSBK තරගාවලියේ නව පෙරළියක්
යතුරුපැදි ලෝලීන්ගේ ප්‍රබල ආකර්ෂණයක් දිනාගත් World Superbike Championship තරඟාවලිය 2027 වසරේ සිට මුලුමුනින්ම නව තාක්ෂණික යුගයකට පා තැබීමට සූදානම් වනවා.

යතුරුපැදි ලෝලීන්ගේ ප්‍රබල ආකර්ෂණයක් දිනාගත් World Superbike Championship තරඟාවලිය 2027 වසරේ සිට මුලුමුනින්ම නව තාක්ෂණික යුගයකට පා තැබීමට සූදානම් වනවා.
ඒ ලෝක ප්‍රකට බ්‍රේක් පද්ධති නිෂ්පාදකයෙකු වන Brembo සමාගම සමඟ එක්ව නවීන Hyction Carboceramic braking disc තාක්ෂණය තරඟාවලියට හඳුන්වා දෙමින්.

Brembo සමාගම WorldSBK හි නිල Innovation Partner ලෙස මෙම වසරේ මුල දී ප්‍රකාශයට පත් කෙරුණා.
එහි මීළග පියවර ලෙස 2027 සිට WorldSBK තරඟාවලියේ නිල සහ එකම බ්‍රේක් පද්ධති සැපයුම්කරු බවට Brembo සමාගම පත්ව තිබෙනවා.
දැනට WorldSBK තරඟ සඳහා බහුලවම Steel වලින් නිර්මාණය කළ Brake disc භාවිතා කරනු ලබනවා.
නමුත් 2027 සිට හඳුන්වා දෙන මෙම නවතම Hyction කාබන් සහ සෙරමික් මිශ්‍ර ද්‍රව්‍යය නිසා බ්‍රේක් පද්ධතියේ විශ්වාසනීයත්වය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවෙනු ඇතියි.
ඕනෑම දේශගුණික තත්ත්වයකදී මෙන්ම ධාවන පථයක ඕනෑම ස්වභාවයක් යටතේ එකම මට්ටමේ ඉහළ බ්‍රේක් බලයක් ලබා දීම මෙහි ඇති ප්‍රධානම වාසියයි.
අධික වේගයෙන් ධාවනය වන විට බ්‍රේක් තැටි රත් වීම නිසා ඇතිවන Brake fade පාලනය කිරීම සහ සාමාන්‍ය බ්‍රේක් තැටිවලට වඩා වැඩි කාලයක් පාවිච්චි කිරීමට හැකි වීම මෙහි තිබෙන වාසි අතරට ඇතුළත්.
මෙම නව Hyction තාක්ෂණය මඟින් ධාවකයන්ට කලින් අනුමාන කළ හැකි බ්‍රේක් පාලනයක් ලබා දෙන බව Brembo සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී Mauro Piccoli පවසනවා.
එමෙන්ම, WorldSBK විධායක අධ්‍යක්ෂ Gregorio Lavilla පෙන්වා දෙන්නේ මෙම තාක්ෂණය තරඟ බිමට පමණක් සීමා නොවන බවයි.
සාමාන්‍ය වෙළඳපොළේ විකිණීමට ඇති සුපිරි යතුරුපැදි තරඟ වදින WorldSBK තරඟාවලිය හරහා පරීක්ෂා කර වැඩිදියුණු කරන Hyction තාක්ෂණය, ඉදිරියේදී සාමාන්‍ය පාරේ ධාවනය කෙරෙන සුපිරි යතුරුපැදි වෙතද එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Comments (0)
No approved comments yet. Be the first to comment!